දුර්ලභ ගණයේ දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහර දී මරා දැමුනු පුවතක් කිලිනොච්චිය අම්බාල්නගර් ප්‍රදේශයෙන් වාර්තාවෙයි



කිලිනොච්චියේ අම්බාලකුලම් ගම්මානයට ඊයේ කඩාවැදුණු දිවියෙකු එහි වැසියන් 10 දෙනෙකු සපා කෑ සිද්ධියක් වාර්තාවේ. 


නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගම්වාසීන් පොලු මුගුරු වලින් දිවියාට දරුණු ලෙස පහරදී ඝාතනය කර තිබුණි. මරුමුවට පත්වූ දිවියා වඳවීයෑමේ තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙකු බවට වනජීවී නිලධාරීන් දැනසිටියද ගම්වාසීන් පහරදෙන අවස්ථාවේ ඔවුන් ඊට මැදිහත් නොවූ බව වාර්තාවේ.