Breaking

Post Top Ad

Saturday, April 25, 2020

කොබේ ගේ බිරිද හෙලිකොෆ්ටර් අනතුරින් පසුගිය දිනෙක මියගිය තම සැමියා සහ දියණිය ගැන සමාජ මාද්යට පැවසු දේ


ජීවිතයේ නොසිතු මොහොතක සිදුවන සිදුවීමකින් අප ලග ඇති සියලුම දේ සැනෙකින් නැති වී යාමට පුළුවන්. නොසිතු මොහොතක සිදුවන එවැනි අනතුරක් නිසා වැනේසා බ්‍රයන්ට් හට තමන්ගේ ආදරණිය සැමියා වන කොබේ බ්‍රයන්ට් සහ 13න් හැවිරිදි දියණිය අහිමි වෙනවා.



 ආදරණීය ස්වාමිපුරුෂයා වූ කොබේ මෙන්ම  සුරතල් දියණිය ජියානාගේ හදිසි වියෝවෙන්  සිය පවුල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ඇය පවසනවා.



ඒ ප්‍රථම වතාවට සමාජ මාද්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්. එම අනතුරින් මිය ගිය අනෙක් මගින් 7 දෙනාටද ශෝකය ප්‍රකාශ කිරීමට ඇය  අමතක කලේ නෑ.
මෙම හදිසි හෙලිකොෆ්ටර් අනතුරින් මියගිය ජියානට අමතරව ඔවූන්ගේ පවුලේ තවත් දියණියන් 3න් දෙනෙක් සිටින අතර මෙම අනතුරෙන් ඔවුන්ද තවමත් කම්පාවෙන් පසු වන බවයි ඇය දුක්බර ස්වරයෙන් පැවසුවේ.



කොබේට වැනේසා හමුවන විට ඇ‍ය වයස 17 ක නව යොවුන් වියේ තරුණියක් වූ අතර ඔවුන් 1999 වර්ෂයේ හමුවී ඇත .



කෙසේ වෙතත් අවසානයේ ඇයට ජීවිතයේ විදින්නට අමාරුම අවස්ථාවකට මුණ දෙන්නට සිදු විය. මේ හැම දෙයකින්ම අප අවසානයේ තේරුම් ගත යුතු කරුණනම් ජීවිතයේ කිසිම දෙයක් ස්ථිර නොවන බවයි.
 වැනේසාට සහ අගේ දියණියන් 3න් දෙනාට ජීවිතයට මුණ දීමට ශක්තිය ලැබේවායි  අප ප්‍රර්ථනා කරමු.

Post Top Ad

Pages