Breaking

Post Top Ad

Saturday, April 25, 2020

දශකයක් කෝමා වී සිට මිය ගියVincent Lambert වෙනුවෙන් දහස් ගණනකක් කදුළු සලයි.


දශකයකට අධික කාලයක් කෝමා තත්ත්වයේ පසු වූ ප්‍රංශයේ 42 හැවිරිදි හිටපු මනෝ චිකිත්සක හෙද නිලධාරියෙකු වන වින්සන්ට් ලැම්බර්ට්ගේ(Vincent Lambert) ජීවිත ආධාරක ඉකුත් දෙවෙනිදා ඉවත් කිරීම හේතුවෙන් මිය ගිය පුවතක් වාර්තා වනවා.


වෛද්‍යවරුන් ඔහුගේ ජීවිත ආධාරක ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. මෙලෙස ආධාරක ඉවත් කිරීමට හේතුව කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක ප්‍රතිඵලයක් ලෙස ඔහුට මරණ දණ්ඩනය හිමිවීමයි. භාර්යාව සහ ඔහුගේ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් ඔහුගේ ජීවිත ආධාරක ඉවත් කිරීම වෙනුවෙන් හඬ නැගු අතර දෙමව්පියන්ට සහ සෙසු ඥාතීන්ට ඔහු තවදුරටත් ජීවත් වනු දැකීමට ඇවැසි විය. නමුත් අවසානයේ අධිකරණය ලබාදුන් තීන්දුව හේතුවෙන් ලැම්බර්ට් ට තවදුරටත් ජීවත් වීමට භාග්‍යය හිමිනොවූ අතර ඔහුගේ ජීවිත ආධාරක ඉවත් කිරීමට නියම කෙරිණ. අවසානයේ නඩු තීන්දුව ලැබීමෙන් අනතුරුව ලැම්බර්ට් හඬා වැටුණු බවට පළ වූ වාර්තා සදහා බොහෝ දෙනෙකු සංවේගයට පත්වූ බවයි වාර්තා වන්නේ.


මෙම මරණ දණ්ඩනය පිලිබඳව වැසියන් දැඩි කම්පාවට පත්ව සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා ඔහු වෙනුවෙන් පැරිස් අගනුවර අනුස්මරණ මෙහෙයක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.

එසේම ඔහුට මියයාමට ඇති අයිතිය පිළිබඳව මේ වනවිට ප්‍රංශයේ පුළුල් සංවාදයක්ද ගොඩ නැගී ඇති අතර පැරිස් නුවර පිහිටි දේවස්ථාන අතුරින් නෝත්‍රදාම් දේවස්ථානයට පමණක් දෙවැනි වන ශාන්ත සල්පිස් (Saint Sulpice) දේවස්ථානය අසළ ඔහු වෙනුවෙන් පැවති අනුස්මරණ මෙහෙයටද විශාල පිරිසක් එක්වීම තුල මෙ පිලිබඳව ජනයාගේ සංවේදීතාවය මනාව ඉස්මතු වේ.යම් රෝගියෙකුට දෙන වෛද්‍ය ප්‍රතිකාර දැඩි නිර්දේශ යටතේ නතර කර එම රෝගියාගේ මරණය ඉක්මන් කළ හැකි අනායාස මරණ ප්‍රංශය තුළ තවමත්  නීත්‍යානුකූල  කර නැත.
කෙසේ වෙතත් 2016 වර්ෂයේ සම්මත වූ නව නීතියක් මගින් අසාධ්‍ය රෝගීන් මියයන තෙක් නිද්‍රා තත්ත්වයට පත්කිරීම  සඳහා වෛද්‍යවරුන්ට අනුමැතිය හිමිවන අතර එහිදී අනායාස මරණයක් සිදුවන්නේ නැත.
එවැනි  ක්‍රියාමාර්ගයක් ගත් ලොව පළමු රට වන්නේද ප්‍රංශයයි.
ඒ අනුව යමින් වෛද්‍යවරුන් දශකයකට අධික කාලයක් වින්සන්ට් ලැම්බර්ට ගේ දිවි රැකගත් ජීවිත ආධාරක ඉවත් කිරීමට පියවර ගත් අතර ඉන් දින කිහිපයකට පසුව ඔහු මරණයට පත්වුණි.

Post Top Ad

Pages