Breaking

Post Top Ad

Thursday, May 7, 2020

වෙසක් උත්සවය අවසන් වීමෙන් පසුව 11 වනදා සිට රට මහජනතාව සදහා ඇරෙන්නේ මෙන්න මේ ආකාරයෙන්



නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ 11වනදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බවයි.

සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව අජිත් රෝහණ මහතා පවසනවා.

ආසාදිත නොවන කලාපය සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලු සහගත නොවන බවත්,  හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට තවමත් හැකියාවක් නැති බවත්  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලා.

පෞද්ගලික ආයතන විවෘත කර පවත්වාගෙන යන ක්‍රියාවලියේදී ආයතනයට ගෙන්වා ගත හැක්කේ සේවකයන්ගෙන් තුනෙන් එකක් වන අතර අදාළ ආයතනයෙන් ඊට අදාළව සේවකයාගේ විස්තර සඳහන් කර ලිපියක් සේවකයා වෙත යොමු කළ යුතුයි.

මුල් අවස්ථාවේදී මෙම ලිපිය සේවකයා වෙත ලබා ගැනීම අපහසු විය හැකි බැවින් සේවකයාගේ ඡංගම දුරකතනය වෙත ආයතනය ආයතනය විසින් එලෙස සකස් කරන ලද ලිපියේ ඡායාරූපයක් එවීමෙන් එම ඡායාරූපය  රාජකාරී කටයුතු කරන පොලිස් නිළධාරීන්ට පෙන්වා ගමනා ගමනයට අවසර ලබාගත හැකි බව වැඩි දුරටත් පැවසු අතර අදාළ සේවකයා සතුව රාජකාරී හැඳුනුම්පත තිබීම අනිවාර්යය වන බවත්, ඉන් පසු සේවා හැඳුනුම්පත සමග අදාළ ලිපියද ළඟ තබා ගැනීමට අවශ්‍ය වන බවත්  මතක තබා ගන්න.

SHARE  කිරීමෙන් මිතුරන් සමඟ බෙදාගන්න !!

Post Top Ad

Pages